පාසල් ගීතය

ලංකා අම්ඹර දන මන නන්දන- සව්සිරි බර රුහුනේ

වලවේ කුමරිය පසු කරමින් එන- සිසිල් සුළං සෙවනේ

 

සුපතල තුන්කම මහා විදුහල අප- නොනිමෙන මිනි පහනේ

දැඩි ආලෝකය කිරණ කදම්බය- පැතිරේ ලක්දෙරණේ

 

ඔබ සෙවනේ දැඩි වන දරුවෝ- සිප්සත යහගුණ ගැදරුවෝ

ගණිත මිනිත නෙක ශිල්ප කලා- නුවණ සදා සැම පුබුදු කලා

 

ඔබ සෙවනේ සිසිලස ලබමු- සිප්සත යහ ගුණ දම් වඩමු

දෙස බස රැස පණ මෙන් රකිමු- හෙළ අබිමන් රණ ගී ගයමූ

 

පාසල් මාතා වොරැඳේවා- නාමය නොමැකී පවතීවා

දෑ අනුරාගය පිබිදේවා- ලෝ තුල සාමය පැතිරේවා........

Location