විදුහල්පති පණිවිඩය
තුංකම මහා විද්‍යාලය

වසර 64 ක පමණ දීර්ඝ ඉතිහාසයක් සහිත තුංකම මහා විද්‍යාලය අද වන විට ශීඝ්‍රයෙන් දියුණුව කරා එළඹෙමින් පවතින පාසලකි තුංකම ග්‍රාමයේ ආසන්න විශාල ප්‍රදේශයක දරුවන් රැසකට අධ්‍යාපනය ලබාදීම සිදුවේ.
අධ්‍යාපනය හා සමගාමීව දරුවන්ගේ කුසලතා වර්ධනය පෞරුෂ වර්ධනය මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනය සඳහාත් මේ වනවිට පාසල් මට්ටමින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වේ.
තුංකම විදුමාතාවගෙන් පෝෂණය වන දරුදැරියනි මෙම සියලු කාර්යයන් සිදු කරනුයේ ඔබ සඳහා වන බැවින් ඒවායේ හරය උකහා ගනිමින් ඔබගේ අධ්‍යාපන කාර්යය සඵල කර ගැනීමට විදුහල් මාතාවට අභිමානයක් වෙමින් පාසල රැකගැනීමටත් ඔබද වගකීමෙන් කටයුතු කළ යුතුය.
විදුහල් මාතාව පිළිබඳ සැකසූ මෙම වෙබ් අඩවිය හරහා අප පාසල තවත් බොහෝ පිරිසකට විවර වන අතර මෙය පාසල් ඉතිහාසයේ තවත් එක් යෝධ පිම්මක් ලෙස මා දකිමි.
පාසලේ දියුණුව කැමති ඔබ සැමට ඔබගේ අදහස් හා යෝජනා අප සමග බෙදා ගන්නට ආරාධනා කරන අතර ම එදා සිට අද දක්වා පාසල ගොඩනැගීමටත් රැකගැනීමටත් දියුණුව කරා ගෙන යාමටත් අවංකව වෙහෙසෙන වෙහෙස වූ කැප වූ ඔබ සැමට මාගේ හද පිරි ස්තුතිය පුද කර සිටිමි එසේම ර/ඇඹි/ තුංකම මහා විද්‍යාලය තවත් චිරත් කාලයක් දූ-පුතුන්ගේ නැණ පහන් දල්වමින් දිනේවායි මා ප්‍රාර්තනා කරමි.
විදුහල්පති,
තුංකම මහා විද්‍යාලය